undefined
undefined
undefined
සරා හදපු හැටි .......
Posted in සරා ගේ සිතුවිලි
කාලයක් තිස්සේ හිතේ තිබුණු දෙයක් ...
කොහොම හරි බ්ලොග් එකක් හද ගන්න ඕන කියන එක.
හැබයි වැඩේට අත ගැහුවේ නැත්තේ
එක කරන විදිය හරියටම දනන් හිටියේ නැති නිසා .
මම මේ ගැන බෝකුට්ට එක්කත් කීප සැරයක්ම කතා කලා
එත් වැඩේ හරි ගියේ නැහැ.
එක නිසා වැඩේ ඇත ඇරලා දැම්ම.
අයෙත් මේ වැඩේ මගේ ඔලුවට දැම්මේ
අපේ නිව්ස් එකට අලුතෙන් ඇවිත් ඉන්න කෙල්ලෙක්.
ඒකි ටිකක් මේ ගැන දන්නවා වගේ තේරුණා.
කොහොම හරි ඊයේ අපේ ඔෆිස් එකේදී
මට ඒකි කියල දුන්න බ්ලොග් එකක් හදන විදිය.
මගේ මැෂින් එකට එහා පැත්තේ තියන මැෂින් එකින්
මේකිත් ලොග් වෙලා
මට කියල දුන්න බ්ලොග් එකක් හද ගන්න විදිය.
බදුලු කෝච්චිය වගේ කියවනවා තොර තෝංචියක් නැහැ.
මොනවා කරන්නද වැඩේ කර ගන්නත් ඕන නේ.
මම ඔහේ අහ ගෙන හිටිය.
ඒකි මට කියනව් ස්පොර්ට්ස් බ්ලොග් එකක් හදන්නලු .
ලංකාවේ එහෙම ඒවා ගොඩක් නැහැ ලු.
මොකක්ද මන්ද ආදුනික තරගයකුත් තියෙනවලු.
ඒකටත් දාන්න පුළුවන් ලු .
මට තනියෙම හිනා .
මට ඒ මගුලක් ඕන නැහැ.
මට ඕන හිතට එන එන දේවල් ඔහේ ලියන්න පුළුවන් තැනක්.
සමහර විට ඒකි මගේ හොඳට කියන්න ඇත්තේ.
කොහොම හරි මම බ්ලොග් එකක් කියල එකක් හදා ගත්ත.
හිතට ගොඩක් හැපි.
නමක් දාන්න ගිහිල්ල අයෙත් ඒකි මට බනිනවා.
ස්පෝර්ට්ස් නමක් දාන්නලු.
ඒකිට පිස්සු.
මම හිතට අපු එක ඔහේ දැම්ම.
වැඩිය හිතන්න ගියේ නැහැ.
වැඩේ මෙහෙම යන අතර තුරේ
ඔෆිස් එකේ ඉන්න ගව්ම් අදින අය්යල
ගොඩ දෙනෙක් ගේ ඇස් අපි ගව නැවතිලා
හොද වෙලාවට මට පිටි පස්සට ඇස් තිබුනේ නැත්තේ.
ඒ විතරක් නම් මොකෝ මගේ ෆෝන් එකට
එස් එම් එස් සීයක් විතර
"අනේ හොදයි කට හරි හරි යනවනම් "
එකක එහෙම තිබුන.
මුන්ට කොහොමට වැඩ නැහැ.
ඒ නිසා තමය් අනුන්ගේ රෙදි අස්සේ හොම්බ දාන්නේ.
පැයකට විතර පස්සේ කොහොම හරි වැඩේ ඉවර කර ගත්ත.
දැන් මටත් බ්ලොග් එකක් තියෙනවා.
අලුතෙන් ආපු කෙල්ලට පින් සිද්ද වේවා.
අද ඉදන් මම ලියනවා නිදහසේ ඉගිල්ලෙන කුරුල්ලෙක් වගේ
ඔහේ හිතට එන විකාර.
එච්චර හිතන්න එපා.
කියවල මට මොනවා හරි කිව්වොත් හොදටම ඇති.
මම...,
සරා
Sara...
ReplyDeleteMaarai...!
Mata echcharai kiyanna thiyenne...
onna palawenima comment eka magen.
Buggy (Subha)
P.s - Gemba oya wagemai :D sweet.
අලුත් බ්ලොග් එකට ජය වේවා.....!!!!!!!!!!
ReplyDeleteගවුම් අඳින අයියල ගැන කියත්දී මට මේ කතාව මතක් වුණා...
http://prarthanatennakoon.blogspot.com/2011/12/blog-post_7538.html
අර අලුතෙන් ආපු කෙල්ල කරපු යෝජනාව නරකම නැහැ අයියේ... එයා කිව්වා වගේ ම, සිංහලෙන් ස්පොර්ට්ස්වලට ම වෙන්වුණු blog එකක්වත් google search එකට අහුවෙන මානෙක නම් නැහැ...
කොහොම නමුත් ජය වේවා..............!
wowwwwwwwww sara niyamai wede karagannakan kellata butter ne any way jaya weva kiuwa aehenam apith onnna
ReplyDeleteDJ Sara,වැඬේ නම් සුපිරි, කරගෙන යමු. අපි තව මල්කම් ලියකම් ටිකක් දාලා බ්ලොග් එක ලස්සන කරගමු. මම දෙන්නම් Full Support එකක්.
ReplyDeleteAll The Best අයියේ...
:)
ehem...ehem....:P Jaya!
ReplyDelete