Thursday, February 2, 2012

1

දිල්ෂාන් .....!!!!!!

Posted in

ක්‍රිකට් පිටියේ හැම දෙකටම හපන් ක්‍රීඩකයෝ ඉන්නේ
 අතේ ඇගිලි ගානටත් අඩුවෙන්. 
අපේ රටේ එකට හොදම උදාහරණය තමය් 
ටී.එම්.දිල්ෂාන්.
පන්දුවට පහර දෙන්න ,පන්දු යවන්න ,කඩුලු රකින්න වගේම 
පිටියේ  පන්දු රකින්නත් 
දිල්ෂාන් එක වගේ හපන්. 
එත් එක දෙයක් නම් දිල්ෂාන් ට හරි ගියේම නැහැ.
ඒ තමය් නායකත්වයේ කටු ඔටුන්න.
මේක බරක් බව දැනුනු නිසාද කොහෙද
 ඔහු මේ කටු ඔටුන්න ගලවල බිමින් තියන්න තීරණය කලේ.
ගිය වසරේ අප්‍රේල් වල ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 
අවසන් තරගය ශ්‍රීලංකාව පරාජය උනේ 
මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ අර්බුද රැසක් මතු කරමින්. 
ලෝක කුසලානය පරාජය වීමත් එක්ක 
මෙරට ක්‍රිකට් ක්‍රීඩාව දරුණු අගාදයකට වැටුනා.
එකට හොදම උදාහරණය සපයමින් 
ලෝක කුසලානයට සතියකට පස්සේ
 නායකයා,උපනායකයා,තේරීම් කමිටු සාමාජිකයින් සහ  
පුහුණුකරුවන් ඉල්ලා අස් වෙනවා.
පුදුමේ කියන්නේ සන්ගටවත් මහේලටවත් 
ඉල්ලා අස් වෙන්න දෙයක් නොතිබුන එක.
ඒ දෙන්න ම පත් කලේ ලෝක කුසලාන තරගාවලිය 
ඉවරවෙනකම් විතරය්.
ලෝක කුසලාන තරගාවලිය ඉවර වෙනකොටම 
ඒ දෙන්නගේ තනතුරුත් ඉබේම අහෝසි වෙනවා.
එහෙම තියෙද්දී මේ දෙන්න ඉල්ලා අස් වීමේ 
පදනම මොකක්ද කියන එක හැමෝටම ගැටළුවක් උනා
තමන්  ගැන පමණක් හිතල ගත්තු තීරණ නිසා
 කඩාගෙන වැටෙන්නේ අපේ රටේ ක්‍රිකට් අබිමානය කියල  
මහේලටවත් සන්ගටවත් නිකමටවත් හිතුනේ නැති එකය් පුදුමේ.
ශ්‍රීලංකා ක්‍රිකට් පිලේ නායකත්ව අර්බුදයක් ඇති උනේ
 මේ මෝඩ තීරණය නිසා කියලි මගේ හැගීම.
මේ මෝඩ තීරණය නිසා අපේ ක්‍රිකට් පිල
 කප්පිත්තෙක් නැති නැවක් බවට පත් උනා.
මෙරට ක්‍රිකට් බලදාරීන්ට 
මොලේ කොලොප්පම් උනේ අලුත් නායකයෙක් හොයන්න ගිහිල්ල.
මේ වගකීම  කට දෙන්නද කියල  ඔවුන් දස අතේ කල්පනා කලා.
කරුමෙට ඒ වගකීම පැවරුනේ කොහෙවත් හිටපු ඩිල්ෂාන්ට.
ඔහු මේ බැරෑරුම් වගකීම බර ගන්නකොට
 අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව වල පළලටම වටිලය් තිබුනේ.
මේ නිසාම මම කල් ඇතිවම කිව්වා 
මේක දිල්ෂාන් විනාශ කරන්න කරපු තුප්ඵහි  වැඩක් කියල.
සමහර ක්‍රීඩකයින්ට අය්.පී.එල් තරගාවලිය රජ බොජුනක්  වෙද්දී  
දිල්ෂාන් අය්.පී.එල් තරගාවලිය අතර තුර එංගලන්තය බලා යන්නේ 
සල්ලි වලට වඩා තමන්ට රට  වැදගත්බව පසක් කරමින්.
කරුමේ කියන්නේ දිගින් දිගටම 
දිල්ෂාන් ට ලැබුනේ අමාරුම තරගාවලි.
මේ නිසාම ඔහුගේ නායකත්වය යටතේ ශ්‍රීලංකා කණ්ඩායම 
ටෙස්ට් තරගාවලි හතරක් එක්දින තරගාවලි හතරක් 
එක දිගටම පරාජය උනා.
හැමෝම බැන්නේ ඩිල්ෂාන්ට.
එක අතකට එකේ වරදකුත් නැහැ.
එලියට පෙනුනේ ඩිල්ෂාන්ගේ නායකත්වය හරි නැහැ කියල.
එත් ඇත්ත එක නෙමෙය් කියල 
ගොඩ දෙනෙක් දන ගන්නකොට වෙන්න ඕන දේ වෙලා ඉවරය්.
නායකයා නිසා පරාජයන්ගේ වගකීම
 දිල්ෂාන් බාරගන්න ඕන එකේ දෙකක් නැහැ.
එත් හැම දේම උනේ ඩිල්ෂාන්ගේ වරදින්ද කියන එක 
හොයල බලන්න ඕන කාරණයක්.
මැතිව්ස් ගහන්නේ එයාගේ ගේමක්
 කව්රුත් ඒවා කතා කරන්නේ නැහැ.
මහේල, සංගක්කාරත් එහෙමය්.
ඒ දේවල් ඔය බලදාරීන් කියන අයට පෙනුනේ නැති එකය්  පුදුමේ.  
දිගින් දිගටම නායකත්වය පීඩනයක් උන නිසා පහුගිය කාලයේදී 
දිල්ෂාන් පිතිකරුවෙකු ලෙසත් අසාර්ථක උනා.
එක කණ්ඩායමටත් දැඩිව බලපෑවා.
කොන්දක් තියෙන නායකයෙක් විදියට ඩිල්ෂාන්ට සිද්ද උනා
 දකුණු අප්‍රිකානු සංචාරයෙන් පස්සේ තීරණයක් ගන්න.
ඔහු දේවර නොසිතාම නායකත්වයේ කටු ඔටුන්න ගලවල බිමින් තිබ්බ.
දැන් ඔහුගේ ඔලුව නිදහස් ඇති.
දිල්ෂාන් ඔස්ට්‍රේලියාවට යන්නේ නිදහස් මනසකින්.
අපි හැමෝටම ඕන පරණ දිල්ෂාන්ව.
ඒ කියන්නේ පිටිය හතර වටේට 
උඩින් යටින් පන්දුවට පහරදෙන ප්‍රවේගකාරී පිතිකරුවා.
ඔහුට එක කරන්න  බැරිකමක් නැහැ.
දැන් හැමෝම බලාගෙන ඉන්නේ දිල්ෂාන් දිහා.
මමත් එහෙමය්.
ඕස්ට්‍රේලියානු තුන්කොන් තරගවලියේදී 
අපිට ඒ දේ දකින්න ලැබේවා.
එක එහෙම උනොත් නව නායක මහේලටත් 
නායකත්වය බරක් නොවේවි.       



1 comment:

  1. දිල්ශාන්ට වගේම මහේලටත් (පරණ අලුත් නායක දෙපලටම )Australia සංචාරය හොද තරගාවලියක් වේවා !

    ReplyDelete