Next
Previous
Showing posts with label සරා ගේ සිතුවිලි. Show all posts

Wednesday, July 17, 2013

3

බදුලු කෝච්චිය

Posted in ,


කොළඹින් යනකොට
පිරිලා ඉතිරිලා තිබුන
ආදරය,
යළි
කොළඹ 

එනකොට,
බදුලු මතකයන් අතර
සඟව ආ 
අරුමය...
- සරා -
2013/07/17


Monday, July 8, 2013

0

මගේ පෞද්ගලිකත්වය (ගෑණිගේ කෝණෙන්)

Posted in ,




වෙන
ගෑණු එක්ක
බුදිය ගන්
මගෙන්
ල්ලන 

නිදහස...




Thursday, May 30, 2013

1

මම, ඇය සහ චාපා..

Posted in


මම, ඇය සහ චාපා...


පූර්විකාව...
සෑහෙන කාලෙකට පස්සේ ආයෙමත්
බ්ලොග් එකේ මොනවා හරි
කුරුටු ගාන්න හිතුණා..
මාත් හරියට බ්ලොග් එකේ ලියන්නේ
අවාරෙට පොල් වැටෙනවා වගේ...
සමහර වෙලාවට ඊටත් අන්තයි..
ඒකට ලොකු හේතුවකුත් තියනවා.
සිංහල ටයිප් කරනවා කියන්නේ, 
මට මරණවා වගේ වැඩක්...
ගොඩක් වෙලාවට මට මේ වැඩේට
හෙල්ප් කරන්නේ ඉනෝකා...
හැබැයි මොකක් හරි හිතේ තියාගෙන
මැෂින් එක ඉස්සරහ වාඩි වුනහම
ඒකිට කියලා ටයිප් කර ගන්න තියා මුණ
බලන්නවත් හිතෙන්නේ නැහැ...
මුවින් නොකිව්වට හිතින් බැණ බැණ
මේකී, යතුරු පුවරුවට අනින වග
ඒකිගේ මුණ දැක්කම මට තේරෙනවා...
කොහොමින් කොහොම හරි
තව සැරයක් මට බ්ලොග් එකේ ලියන්න හිතුණේ,
"චාපා" නිසා..
"චාපා" මං කවදාවත් දැකපු නැති කෙල්ලෙක්...
හැබැයි, ඒකී පුදුමාකාර විදිහට
මගේ හිතට දැනුණා..
මේ ලියන්නේ "චාපා" වෙනුවෙන් නෙවෙයි..
යටගිය මගේ අතීතය
එළියට ඇඳලා ගන්න
ඒකිට පුළුවන් වෙච්ච නිසා..
පූර්විකාව වසානයි......!

මේ දවස්වල අපේ ඔෆිස් එකේ පොඩි එකෙක්
උගේ බ්ලොග් එකේ
නවකතාවක් ද මොකක් ද ලියනවා.
උගේ නම මෛත්‍රී...
කතාවේ නම "චාපා"...
ඒක බොහොම සරළ, සාමාන්‍ය, බොළ‍ඳ
ප්‍රේම කතාවක්...
හැබැයි, ඒක ටිකක් මගේ හිතට දැනුණා.
තාම ලියලා තියෙන්නේ
කොටස් හයක් ද කොහෙද.
ඒකත් ඌ ලියන්නේ
උට හිතෙන හිතෙන වෙලාවට..
මං දන්නෑ, මේ කතාවේ අවසානය
මොකක්ද කියලා..
බැහැයි, ඒ කතාවේ චරිතෙක
මාත් ඉන්නවා නේද කියලා මට හිතුණා.
ගොඩක් වෙලාවට
බොළඳ ප්‍රේම කතා කියවන කොට, 
අපි හැමෝම අඩු වැඩි වශයෙන්
ඒ චරිත තමන්ගේ කර ගන්න
උත්සාහ කරනවා.
ඒ තමයි අපි හැමෝගෙන යථා ස්වභාවය...
නිර්මාණයක සාර්ථක, අසාර්ථකභාවය
තීරණය වෙන්නේ
ඒක රසවින්දට පස්සේ ඇගේ හිරිගඩු පිපිලා,
ඇස් කොනට උනන කඳුලක බර
අනුව කියලයි මම නම් හිතන්නේ..
මේක මගේ අතිශය පෞද්ගලික අදහසක්.
හැබැයි, අද රටේ ඉන්න
ප්‍රබුද්ධයි කියන විචාරකයින්ට නම්
ඒක දිරවන එකක් නැහැ.
මං මෙහෙම කිව්වම
උන් මගෙන් අහයි
රසවිඳින හැම නිර්මාණයකම
අවසානය කඳුලක් ද කියන එක.
අමරදේවගේ, බොබ්මාලේගේ
සින්දුවක් ඇහුවත්,
සන්නස්ගලගේ කුණුහරුප කතාවක් ඇහුවත්, 
සේකරගේ ප්‍රබුද්ධ කියෙව්වත්,
මට දැනෙන්නේ එකම රසය..
හැම නිර්මාණයක් ම
මං රස විඳින්න පුරුදු වෙලා තියෙන්නේ
ඒ විදිහට...
අප්පට සිරි,  
මං හිතන්නේ මම දැන්
පාරෙන් පිට පැනලා..  
කියන්න ආපු කතාව නෙවෙයි,
දැන් කියන්නේ.
ආයෙමත්
"චාපා" ගැන කතා කරමු...
"චාපා" ඉස්කෝලේ යන වයසේ
කොල්ලෙකුයි, කෙල්ලෙකුයි
අතර ඇති වුණු ආදර පළහිලව්වක්.
ඒ දෙන්නම මිශ්‍ර පාසලක.
හැබැයි මම නම් ගියේ
මිශ්‍ර පාසලකට නෙවෙයි.
එහෙනම් කොහොමද මට "චාපා" දැනෙන්නේ.
කෙනෙක් මගෙන් ඇහුවොත්,
උඹේ ජීවිතේ උඹ කැමතිම කාලේ
කවද්ද කියලා,
මං දෙපාරක් නොසිතාම කියන්නේ
මං දහම් පාසල් ගියපු කාලේ කියලා.
දහම් පාසල තමයි
මං ගොඩක් දේවල් ලබා ගත්තු සහ
ගොඩක් දේවල් අත්හැරපු තැන.
හරියට, බුදුදහම වගේ...
එකම දේ ඇස් පණාපිටම
ඇති වෙනවා, නැති වෙනවා.
හරියට මගේ පළමු ප්‍රේමය ඒ වගේ..
කප්පරක් උසට
බලාපොරොත්තු තියාගෙන
සිහින මාළිගා තැනුවේ
කවදා හරි දවසක මගේ  චාපා
මල් ඇතිරූ මාවතක් දිගේ
අපේ ගෙදර එක්ක යන්න.
පුංචි කාලේ කොලු කමට
හිතේ තිබුණු දේවල්,  මහ මෙරක් තරම් වුනත්,
ඒ හැම එකක්ම කාලයා විසින්
මගෙන් උදුර ගත්තා.
ඇතිවීමේ අප්‍රමාණ වූ ප්‍රීතිය සහ
නැතිවීමේ නිරාමිස ප්‍රිතියත්
මම එකම තැනකදී අත්වින්දා.
මෛත්‍රීගේ චාපා  
අවුරුදු ගානකට පස්සේ
මගේ හිතේ හැංගිලා තිබුණු
පුදුමාකාර හැඟීමකට පණ දුන්නා.
ඒත්.............
ඒ හැඟීම
වෙනදා වගේම
ආයෙත්  ඉක්මණින්ම
වැළලිලා යාවි....
සංසාරේ ඈත පටන්
අප හුරු පුරුදුයි වාගේ
ජීවිතයේ සෝ සංකා
නිවා දැමූ රුව ඔබගේ....

හිමිකම නැතිමුත් අද දින
කියනු පිණිස ඔබ මාගේ
සංසාරේ හුරු බව සිත
පාරනවා දිවා රැයේ....

පමා වෙලා නෙත රැඳුනේ
කිමද කියන් හොර රහසේ
අහිමි පෙමක පද වැළක
ඇයි එතුණේ හද පානේ....

ජීවිතයේ සසර පුරුදු
මත හිඳ දෙසිතක සිහිනේ
අනේ ඉතින් ළං වන්නේ
කෙලෙසද අත දිග නෑනේ....


- සාරංග පතිරණ -
    2013-05-30


Wednesday, February 15, 2012

2

මට මුකුත් වෙලා නැහැ......!

Posted in

 ඔලුව අවුල් උනහම
කිසි දෙයක් ඔලුවට එන්නේ නැහැ කියල
මම අහල තියෙනවා.
මේ දවස් වල මගේ සිතිවිලි
නිදහසේ පා  වෙලා යන්නේ
එක නිසා වෙන්න ඇති.
වෙලාවකට හිතෙනවා
මිනිස්සුන්ට හිතක් ලැබුනේ
 මොකටද කියල.
එකනේ දුක,සතුට,වේදනාව,විරහව වගේ
දේවල් දැනෙන්නේ
මටත් මේ ධර්මතාව පොදුය්.
හැබය් අනිත් අයට වඩා
 මට මේ වගේ දේවල් දැනෙනවා.
මම එහෙම හිතන්නේ
මට මගේ හිත රවට්ට ගන්න
ඕන නිසා වෙන්න ඇති.
දැන් කලෙක ඉඳල
කාටවත්ම කියා ගන්න බැරි
මොකක්දෝ දෙයක් හිරවෙලා.
හැබය් මගේ  

මොකක්දෝ වෙනසක්
හැමෝටම පේනවලු.
ගොඩ දෙනෙක් මගෙන් අහනවා
"මොකද මචන් ....

උඹ දැන් ඉස්සර වගේ නෙමෙය්
රැවුල  වවා ගෙන....

හරියට කෙට්ටු වෙලා....
මොකද බන් වෙලා තියෙන්නේ?.
love affair 
එක break වෙලාද?"
love affair  එක break වෙලාද?
මම මගේ යටි හිතෙන් ඇහුව.
එයාට දෙන්න උත්තරයක් නැහැ.
මොකද එය දන්නවා 

මම කැමති නැහැ කියල
එයාගේ ඒ උත්තරය පිළිගන්න.
යාලුවෝ කියන කතාව ඇත්ත.
මට එහෙම හිතුනේ
ආත්මගේ අලුත්ම සින්දුවේ
 පද දෙකක් මට තදින්ම දැනුන නිසා.
"මිරගුවක සිත තියල 

නුඹ දුරක ඇදුනා
රංචු ගැසෙනා රෑනේ 

තනිකමක් දැනුනා.:"
යාලුවෝ අහන දේවල් වලට
මොනවා හරි කිව්වා කියමුකෝ.
එත් අම්ම............
මාව මේ තැනට ගෙනාපු 

මගේ රත්තරන් අම්ම........
මේ දවස් ටිකේම 

එයාගේ ඇස් වල කඳුළු.
"මොනවද පුතේ 

ඔච්චර හිතන්නේ?
හරියට බඩට කන්නේ නැහැ.
එලි වෙනකම් ඇහැරිලා.
මුණ ඇදිල ගිහිල්ල.
මොකක්ද මේ උඹට 

වෙලා තියෙන්නේ...?
හිතේ තියෙන දෙයක් 

මටත් කියපන්.
මම තාමත් උඹේ අම්ම....
කෝ උඹේ මුනේ තිබිච්ච හිනාව...?
කෝ එක....?"
"හිත පිච්චෙනවා අම්මේ
මම කොහොමද හිනා වෙන්නේ...?"
මට එහෙම හිතුනට
කොහොමද එක 

අම්මට කියන්නේ...?
මට මුකුත් වෙලාද?
මම මගේ යටි හිතින් අහනවා
උත්තරයක් නැහැ.
උත්තරයක් නැද්ද...?
යටි හිත දෙන උත්තරය පිළිගන්න
මම කැමති නැද්ද...?
නැහැ....
යටි හිත මොකක්දෝ කියන්න 

අර අදිනවා
ඒ දේ අහන්න තරම්

 මට ශක්තියක් නැහැ.
ඒ නිසා මම හිතනවා....
දිගටම හිතනවා.......
මට මුකුත් වෙලා නැහැ.
මට මුකුත්ම වෙලා නැහැ..........