Wednesday, February 15, 2012

2

මට මුකුත් වෙලා නැහැ......!

Posted in

 ඔලුව අවුල් උනහම
කිසි දෙයක් ඔලුවට එන්නේ නැහැ කියල
මම අහල තියෙනවා.
මේ දවස් වල මගේ සිතිවිලි
නිදහසේ පා  වෙලා යන්නේ
එක නිසා වෙන්න ඇති.
වෙලාවකට හිතෙනවා
මිනිස්සුන්ට හිතක් ලැබුනේ
 මොකටද කියල.
එකනේ දුක,සතුට,වේදනාව,විරහව වගේ
දේවල් දැනෙන්නේ
මටත් මේ ධර්මතාව පොදුය්.
හැබය් අනිත් අයට වඩා
 මට මේ වගේ දේවල් දැනෙනවා.
මම එහෙම හිතන්නේ
මට මගේ හිත රවට්ට ගන්න
ඕන නිසා වෙන්න ඇති.
දැන් කලෙක ඉඳල
කාටවත්ම කියා ගන්න බැරි
මොකක්දෝ දෙයක් හිරවෙලා.
හැබය් මගේ  

මොකක්දෝ වෙනසක්
හැමෝටම පේනවලු.
ගොඩ දෙනෙක් මගෙන් අහනවා
"මොකද මචන් ....

උඹ දැන් ඉස්සර වගේ නෙමෙය්
රැවුල  වවා ගෙන....

හරියට කෙට්ටු වෙලා....
මොකද බන් වෙලා තියෙන්නේ?.
love affair 
එක break වෙලාද?"
love affair  එක break වෙලාද?
මම මගේ යටි හිතෙන් ඇහුව.
එයාට දෙන්න උත්තරයක් නැහැ.
මොකද එය දන්නවා 

මම කැමති නැහැ කියල
එයාගේ ඒ උත්තරය පිළිගන්න.
යාලුවෝ කියන කතාව ඇත්ත.
මට එහෙම හිතුනේ
ආත්මගේ අලුත්ම සින්දුවේ
 පද දෙකක් මට තදින්ම දැනුන නිසා.
"මිරගුවක සිත තියල 

නුඹ දුරක ඇදුනා
රංචු ගැසෙනා රෑනේ 

තනිකමක් දැනුනා.:"
යාලුවෝ අහන දේවල් වලට
මොනවා හරි කිව්වා කියමුකෝ.
එත් අම්ම............
මාව මේ තැනට ගෙනාපු 

මගේ රත්තරන් අම්ම........
මේ දවස් ටිකේම 

එයාගේ ඇස් වල කඳුළු.
"මොනවද පුතේ 

ඔච්චර හිතන්නේ?
හරියට බඩට කන්නේ නැහැ.
එලි වෙනකම් ඇහැරිලා.
මුණ ඇදිල ගිහිල්ල.
මොකක්ද මේ උඹට 

වෙලා තියෙන්නේ...?
හිතේ තියෙන දෙයක් 

මටත් කියපන්.
මම තාමත් උඹේ අම්ම....
කෝ උඹේ මුනේ තිබිච්ච හිනාව...?
කෝ එක....?"
"හිත පිච්චෙනවා අම්මේ
මම කොහොමද හිනා වෙන්නේ...?"
මට එහෙම හිතුනට
කොහොමද එක 

අම්මට කියන්නේ...?
මට මුකුත් වෙලාද?
මම මගේ යටි හිතින් අහනවා
උත්තරයක් නැහැ.
උත්තරයක් නැද්ද...?
යටි හිත දෙන උත්තරය පිළිගන්න
මම කැමති නැද්ද...?
නැහැ....
යටි හිත මොකක්දෝ කියන්න 

අර අදිනවා
ඒ දේ අහන්න තරම්

 මට ශක්තියක් නැහැ.
ඒ නිසා මම හිතනවා....
දිගටම හිතනවා.......
මට මුකුත් වෙලා නැහැ.
මට මුකුත්ම වෙලා නැහැ..........




2 comments:

1

යලි දුටුව නුඹ....!

Posted in


කලකට පසුව
දුටිමි නුඹ
අද මම.......
ප්‍රේමයෙන් උතුරා ගිය
සෙනෙහසින් පිරුණු
නුඹේ මුව
පෙරදින.....

පරාජිත  ප්‍රේමයේ 
වේදනාවෙන් පිරී
 නරුම සිතුවිලි වලින් 
අවලස්සන වී
 තිබුණු අරුමය.......!


1 comments:

Monday, February 6, 2012

1

මේක මහේලට....!

Posted in

ඩිල්ෂාන්ගෙන් පස්සේ
 අපේ ක්‍රිකට් කණ්ඩායමේ 
නායකත්වය ලැබුනේ මහේලට. 
දැන් ලොකු වගකීමක් තියෙනවා.
ඩිල්ෂාන්ගේ නායකත්වය යටතේ 
අපි ගොඩක් මැච් පැරදුනා.
ඒක නිසා එකම දේ 
දිගින් දිගටම වෙන්න බැහැ.
ශ්‍රීලංකා ක්‍රිකට්  කණ්ඩායම
 ඔස්ට්‍රලියාවට යන්නේ 
ඒ පරාජයන්ගේ මානසිකත්වය
 ජයග්‍රහණයක් බවට පෙරලා ගන්න. 
දැන් අපේ රටේ මිනිස්සු 
 ක්‍රිකට් බලන්න කැමති නැහැ. 
පරදින මැච් බලන්න කව්ද කැමති වෙන්නේ ?
මේ නිසා නව නායකයා 
ඒ කියන්නේ මහේලට 
තවත් වගකීමක් තියෙනවා.
ඒක තමය් අපේ මිනිස්සු  ආයෙම  පාරක්
 ක්‍රිකට් වලට ලං කරන එක. 
ලේසි වැඩක් නෙමෙය් එක.
එත් මහේලට එක කරන්නම වෙනවා.
එක එහෙම නොව්නොත් 
අපේ රටෙත් ක්‍රිකට් බල්ලට යාවි.
මහේල හොද නායකයෙක් 
එකේ දෙකක් නැහැ.
තරග වාර්තා අරගෙන බලනකොට එක පේනවා.
එත් දැන් තියෙන තත්වය අනුව
ඒක  විතරක් මදි. 
මොකද මහේල නායකයා වෙනකොට
 කණ්ඩායමත් අසර්ථකය් 
එයත් අසර්ථකය්. 
ඩිල්ෂාන්ගේ නායකත්වය යට
තේ මහේල හොදට කලේ නැහැ.
එක හැමෝම දැක්ක.
හැබය් මහේල ඔස්ට්‍රලියාවලදී හොදට කලොත්.......???????
එතකොට හැමෝම වගේ කියාවි
 මහේල බලු කමට තමය්
 පහුගිය ටිකේ  ගැහුවේ නැත්තේ කියල.
මේ හැම දෙකටම උත්තර දෙන්න
 මහේලට සිද්ද වෙනවා ඔස්ට්‍රලියා වලදී.
මග හිටියොත් තෝ නසී 
ගෙදර ගියොත් අඹු නසී වගේ වැඩක් තමය්
 මහේලටත් දැන් වෙලා තියෙන්නේ.
කොහොම උනත් මහේලට 
මේ සැම  දේකටම උත්තර දෙන්න වෙනවා
ඒ කටින් නෙමෙය් වැඩ වලින්. 



1 comments:

Friday, February 3, 2012

0

නුඹ...!

Posted in

කන්දක් තරම් 
මගේ පෙම  
කෙන්දක් තරම් කල 
අරුමය නුඹ 
ඇසිපිය හෙලන්නටත් පෙර .......!





0 comments:

Thursday, February 2, 2012

1

දිල්ෂාන් .....!!!!!!

Posted in

ක්‍රිකට් පිටියේ හැම දෙකටම හපන් ක්‍රීඩකයෝ ඉන්නේ
 අතේ ඇගිලි ගානටත් අඩුවෙන්. 
අපේ රටේ එකට හොදම උදාහරණය තමය් 
ටී.එම්.දිල්ෂාන්.
පන්දුවට පහර දෙන්න ,පන්දු යවන්න ,කඩුලු රකින්න වගේම 
පිටියේ  පන්දු රකින්නත් 
දිල්ෂාන් එක වගේ හපන්. 
එත් එක දෙයක් නම් දිල්ෂාන් ට හරි ගියේම නැහැ.
ඒ තමය් නායකත්වයේ කටු ඔටුන්න.
මේක බරක් බව දැනුනු නිසාද කොහෙද
 ඔහු මේ කටු ඔටුන්න ගලවල බිමින් තියන්න තීරණය කලේ.
ගිය වසරේ අප්‍රේල් වල ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 
අවසන් තරගය ශ්‍රීලංකාව පරාජය උනේ 
මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ අර්බුද රැසක් මතු කරමින්. 
ලෝක කුසලානය පරාජය වීමත් එක්ක 
මෙරට ක්‍රිකට් ක්‍රීඩාව දරුණු අගාදයකට වැටුනා.
එකට හොදම උදාහරණය සපයමින් 
ලෝක කුසලානයට සතියකට පස්සේ
 නායකයා,උපනායකයා,තේරීම් කමිටු සාමාජිකයින් සහ  
පුහුණුකරුවන් ඉල්ලා අස් වෙනවා.
පුදුමේ කියන්නේ සන්ගටවත් මහේලටවත් 
ඉල්ලා අස් වෙන්න දෙයක් නොතිබුන එක.
ඒ දෙන්න ම පත් කලේ ලෝක කුසලාන තරගාවලිය 
ඉවරවෙනකම් විතරය්.
ලෝක කුසලාන තරගාවලිය ඉවර වෙනකොටම 
ඒ දෙන්නගේ තනතුරුත් ඉබේම අහෝසි වෙනවා.
එහෙම තියෙද්දී මේ දෙන්න ඉල්ලා අස් වීමේ 
පදනම මොකක්ද කියන එක හැමෝටම ගැටළුවක් උනා
තමන්  ගැන පමණක් හිතල ගත්තු තීරණ නිසා
 කඩාගෙන වැටෙන්නේ අපේ රටේ ක්‍රිකට් අබිමානය කියල  
මහේලටවත් සන්ගටවත් නිකමටවත් හිතුනේ නැති එකය් පුදුමේ.
ශ්‍රීලංකා ක්‍රිකට් පිලේ නායකත්ව අර්බුදයක් ඇති උනේ
 මේ මෝඩ තීරණය නිසා කියලි මගේ හැගීම.
මේ මෝඩ තීරණය නිසා අපේ ක්‍රිකට් පිල
 කප්පිත්තෙක් නැති නැවක් බවට පත් උනා.
මෙරට ක්‍රිකට් බලදාරීන්ට 
මොලේ කොලොප්පම් උනේ අලුත් නායකයෙක් හොයන්න ගිහිල්ල.
මේ වගකීම  කට දෙන්නද කියල  ඔවුන් දස අතේ කල්පනා කලා.
කරුමෙට ඒ වගකීම පැවරුනේ කොහෙවත් හිටපු ඩිල්ෂාන්ට.
ඔහු මේ බැරෑරුම් වගකීම බර ගන්නකොට
 අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව වල පළලටම වටිලය් තිබුනේ.
මේ නිසාම මම කල් ඇතිවම කිව්වා 
මේක දිල්ෂාන් විනාශ කරන්න කරපු තුප්ඵහි  වැඩක් කියල.
සමහර ක්‍රීඩකයින්ට අය්.පී.එල් තරගාවලිය රජ බොජුනක්  වෙද්දී  
දිල්ෂාන් අය්.පී.එල් තරගාවලිය අතර තුර එංගලන්තය බලා යන්නේ 
සල්ලි වලට වඩා තමන්ට රට  වැදගත්බව පසක් කරමින්.
කරුමේ කියන්නේ දිගින් දිගටම 
දිල්ෂාන් ට ලැබුනේ අමාරුම තරගාවලි.
මේ නිසාම ඔහුගේ නායකත්වය යටතේ ශ්‍රීලංකා කණ්ඩායම 
ටෙස්ට් තරගාවලි හතරක් එක්දින තරගාවලි හතරක් 
එක දිගටම පරාජය උනා.
හැමෝම බැන්නේ ඩිල්ෂාන්ට.
එක අතකට එකේ වරදකුත් නැහැ.
එලියට පෙනුනේ ඩිල්ෂාන්ගේ නායකත්වය හරි නැහැ කියල.
එත් ඇත්ත එක නෙමෙය් කියල 
ගොඩ දෙනෙක් දන ගන්නකොට වෙන්න ඕන දේ වෙලා ඉවරය්.
නායකයා නිසා පරාජයන්ගේ වගකීම
 දිල්ෂාන් බාරගන්න ඕන එකේ දෙකක් නැහැ.
එත් හැම දේම උනේ ඩිල්ෂාන්ගේ වරදින්ද කියන එක 
හොයල බලන්න ඕන කාරණයක්.
මැතිව්ස් ගහන්නේ එයාගේ ගේමක්
 කව්රුත් ඒවා කතා කරන්නේ නැහැ.
මහේල, සංගක්කාරත් එහෙමය්.
ඒ දේවල් ඔය බලදාරීන් කියන අයට පෙනුනේ නැති එකය්  පුදුමේ.  
දිගින් දිගටම නායකත්වය පීඩනයක් උන නිසා පහුගිය කාලයේදී 
දිල්ෂාන් පිතිකරුවෙකු ලෙසත් අසාර්ථක උනා.
එක කණ්ඩායමටත් දැඩිව බලපෑවා.
කොන්දක් තියෙන නායකයෙක් විදියට ඩිල්ෂාන්ට සිද්ද උනා
 දකුණු අප්‍රිකානු සංචාරයෙන් පස්සේ තීරණයක් ගන්න.
ඔහු දේවර නොසිතාම නායකත්වයේ කටු ඔටුන්න ගලවල බිමින් තිබ්බ.
දැන් ඔහුගේ ඔලුව නිදහස් ඇති.
දිල්ෂාන් ඔස්ට්‍රේලියාවට යන්නේ නිදහස් මනසකින්.
අපි හැමෝටම ඕන පරණ දිල්ෂාන්ව.
ඒ කියන්නේ පිටිය හතර වටේට 
උඩින් යටින් පන්දුවට පහරදෙන ප්‍රවේගකාරී පිතිකරුවා.
ඔහුට එක කරන්න  බැරිකමක් නැහැ.
දැන් හැමෝම බලාගෙන ඉන්නේ දිල්ෂාන් දිහා.
මමත් එහෙමය්.
ඕස්ට්‍රේලියානු තුන්කොන් තරගවලියේදී 
අපිට ඒ දේ දකින්න ලැබේවා.
එක එහෙම උනොත් නව නායක මහේලටත් 
නායකත්වය බරක් නොවේවි.       



1 comments:

Wednesday, February 1, 2012

5

සරා හදපු හැටි .......

Posted in

කාලයක් තිස්සේ හිතේ තිබුණු දෙයක් ...
කොහොම හරි බ්ලොග් එකක් හද ගන්න ඕන කියන එක.
හැබයි වැඩේට අත ගැහුවේ නැත්තේ
 එක කරන විදිය හරියටම දනන් හිටියේ නැති  නිසා . 
මම මේ ගැන බෝකුට්ට එක්කත් කීප සැරයක්ම කතා කලා 
එත් වැඩේ හරි ගියේ නැහැ.
එක නිසා වැඩේ ඇත ඇරලා දැම්ම.
 අයෙත් මේ වැඩේ මගේ ඔලුවට දැම්මේ
 අපේ නිව්ස් එකට අලුතෙන් ඇවිත් ඉන්න කෙල්ලෙක්.
ඒකි ටිකක් මේ ගැන දන්නවා වගේ තේරුණා. 
කොහොම හරි ඊයේ අපේ ඔෆිස් එකේදී 
මට ඒකි කියල දුන්න බ්ලොග් එකක් හදන විදිය.
 මගේ මැෂින් එකට එහා පැත්තේ තියන මැෂින් එකින්
 මේකිත් ලොග් වෙලා
 මට කියල දුන්න බ්ලොග් එකක් හද ගන්න විදිය. 
බදුලු කෝච්චිය වගේ කියවනවා තොර තෝංචියක් නැහැ.
මොනවා කරන්නද වැඩේ කර ගන්නත් ඕන නේ.
මම ඔහේ අහ ගෙන හිටිය.
ඒකි මට කියනව් ස්පොර්ට්ස් බ්ලොග් එකක් හදන්නලු .
ලංකාවේ එහෙම ඒවා ගොඩක් නැහැ  ලු.
මොකක්ද මන්ද ආදුනික තරගයකුත් තියෙනවලු.
ඒකටත් දාන්න පුළුවන් ලු .
මට තනියෙම හිනා .
මට ඒ මගුලක් ඕන නැහැ.
මට ඕන හිතට එන එන දේවල් ඔහේ ලියන්න පුළුවන් තැනක්.
සමහර විට ඒකි මගේ හොඳට කියන්න ඇත්තේ.
කොහොම හරි මම බ්ලොග් එකක් කියල එකක් හදා ගත්ත.
හිතට ගොඩක් හැපි.
නමක් දාන්න ගිහිල්ල අයෙත් ඒකි මට බනිනවා.
ස්පෝර්ට්ස් නමක් දාන්නලු.
ඒකිට පිස්සු. 
මම හිතට අපු එක ඔහේ දැම්ම.
වැඩිය හිතන්න ගියේ නැහැ.
වැඩේ මෙහෙම යන අතර තුරේ 
ඔෆිස් එකේ ඉන්න ගව්ම් අදින අය්යල  
ගොඩ දෙනෙක් ගේ ඇස් අපි ගව නැවතිලා
හොද වෙලාවට මට පිටි පස්සට ඇස් තිබුනේ නැත්තේ.
ඒ විතරක්  නම් මොකෝ මගේ ෆෝන් එකට
එස් එම් එස්  සීයක් විතර 
"අනේ හොදයි කට හරි හරි යනවනම් "
එකක එහෙම තිබුන.
මුන්ට කොහොමට වැඩ නැහැ.
ඒ නිසා තමය් අනුන්ගේ රෙදි අස්සේ හොම්බ දාන්නේ.
පැයකට විතර පස්සේ කොහොම හරි වැඩේ ඉවර කර ගත්ත.
දැන් මටත් බ්ලොග් එකක් තියෙනවා.
අලුතෙන් ආපු කෙල්ලට පින් සිද්ද වේවා.
අද ඉදන් මම ලියනවා නිදහසේ ඉගිල්ලෙන කුරුල්ලෙක් වගේ 
ඔහේ හිතට එන විකාර.
එච්චර හිතන්න  එපා.
කියවල මට මොනවා හරි කිව්වොත් හොදටම ඇති.
මම...,
සරා        



5 comments:

1

කේන්දරේ ....

Posted in

නංගියේ නුඹේ  
අත අරගෙන 
එක්වන්නට 
බැරි විදියට
 අපේ අම්මගේ
 ඔලු ගෙඩියට 
මාරකයක් 
ලෙසට ඇවිත් 
වැට බදිනවා 
හතර  වටේ 
පැන ගන්නට  
                                                                         බැරි විදියට




1 comments:

1

නික්ම යාම

Posted in

නුඹ යන්න ගියා
සුවඳ විතරක් තියා....
උණුසුමට
සීතලේ  
විඳ ගන්න....
මට

1 comments: