Thursday, November 15, 2012

2

Why I Love You

Posted in

You give to me hope
And help me to cope
When life pulls me down
You bring me around

You teach me to care
And help me to share
You make me honest
With kindness the best

From you I learned love
With grace from above
It's for you I live
And I want to give

You are the reason
That fills each season
When I hear love I think of you
You are my world and best friend too

I love you because you are so kind, thoughtful and caring
I love you because you are so pleasant, lovely and sharing

You made me the man I am




2 comments:

Thursday, October 25, 2012

2

නිදහස......!

Posted in

කුරුල්ලෙකුට තරම්වත් 
නිදහසක් නැහැ මට 
ඉගිලිලා එන්න නුඹ ලඟට 
නිදහසේ......



2 comments:

Tuesday, October 2, 2012

3

දුටු පැත්ත සහ නොදුටු පැත්ත............

Posted in

දුටු පැත්ත .....

පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ
සුපර් එයිට් වටයේ පළමු තරගය.
ශ්‍රී  ලංකාව සහ නවසීලන්තය අතර
 මේ තරගය පැවැත්වුණේ පල්ලේකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදියි.
19 හැවිරිදි අකිල ධනංජය
 මේ තරගයේ දී ශ්‍රී ලංකා වරම් දිනා ගත්තා.
තමන් යැවූ මංගල පන්දුවාරයේදී ම කඩුල්ලක් දවාගත් ඔහු
  සිය මංගල තරගය ස්වර්ණමය තරගයක් බවට පත්කර ගත්තා.
හැබැයි, අකිල යැවූ තුන්වන පන්දුවාරයේ දී
 අවාසනාවන්ත සිදුවීමකට මුහුණදෙන්නට
 ඔහුට සිදුවුණා.
තුන්වන පන්දුවාරයේ පළමු පන්දුවට
 රොබ් නිකොල් වේගවත් පහරක් එල්ල කළා.
පෙරළා පැමිණි උඩ පන්දුව රැක ගන්නට යාමේදී
 අතින් ගිලිහුණු පන්දුව අකිලගේ මුහුණේ වැදුණා.
කෙටි ප්‍රතිකාරයකින් පසු යළි පන්දුව අතට ගත් අකිල
 රට වෙනුවෙන් තමන්ගේ යුතුකම් කොටස
 යළිත් ඉටු කරන්නට පටන් ගත්තා.
ඒ, ඔබ දුටු පැත්ත....
නොදුටු පැත්ත...
අකිලගේ පන්දුව මුහුණේ වැදෙද්දි 
පන්දු යවන්නාගේ අන්තයේ සිටියේ
 නවසීලන්ත පිතිකරු බ්‍රෙන්ඩන් මැකලන්.
සැනෙන් ක්‍රියාත්මක වූ ඔහු අකිල දෙසට පැමිණ
 ‘‘Are You OK…"
‘‘ඔබ හොඳින්ද’’ කියා ඇසුවා.
නවසීලන්ත ක්‍රීඩකයින් කවදත්
 මහත්මා ගුණයෙන් යුක්තයි.
ඒ නිසා, මේ සිදුවීම සාමාන්‍ය සිදුවීමක් ලෙස ඔබ සිතයි.
හැබැයි, කිසිදු අපහසුවකින් තොරව
 නවසීලන්ත පිතිකරුවන්ට එම අවස්ථාවේදී 
ලකුණක් කරා දිව යන්නට ඉඩ තිබුණා.
බ්‍රෙන්ඩන් මැකලම් ලකුණක් කරා දිව ගියා නම්, 
මේ තරගය සුපිරි පන්දු වාරය කරා ඇදී නොයන්නටත් ඉඩ තිබුණා.
සමහර විට, නවසීලන්ත කණ්ඩායමට
 මේ තරගය ජය ගන්නටත්
 වැඩි ඉඩක් තියෙන්නටත් ඇති.
හැබැයි, මැකලම් ඒ කිසි දෙයක් ගැන නොසිතා 
නවක ක්‍රීඩක අකිල ධනංජය දෙස බැලුවේ
 ඔහු සතු වූ ක්‍රීඩාවේ ජීව ගුණය 
ලොවටම විදහා පාමින්...
ලක්ෂ සංඛ්‍යාත නවසීලන්ත ක්‍රීඩාලෝලීන් 
බ්‍රෙන්ඩන් මැකලම්ට
 දහස් වරක් දොස් කියන්න ඇති.
නවසීලන්තය මේ තරගය ජය ගත්තා නම්,
 ශ්‍රී ලංකාවේ ගමන් මගත්
 මේ වනවිට වෙනස් වෙලා තියෙන්නටත් ඇති.
මා උත්සාහ කරන්නේ 
ශ්‍රී ලංකා කණ්ඩායම මේ තරගයේදී ලැබූ ජයග්‍රහණය 
අවතක්සේරු කරන්න නෙවෙයි.
ඊට වඩා ඉස්මතු වුණු මැකලම්ගේ මහත්මා ගුණය පිළිබඳව
 ඔබ නොදුටු පැත්ත  පිළිබඳව ඔබට පෙන්වා දෙන්නට...

ක්‍රීඩාව කියන්නේ ජයග්‍රහණය පමණක් ම නෙවෙයි...



3 comments: