Next
Previous

Tuesday, October 2, 2012

3

දුටු පැත්ත සහ නොදුටු පැත්ත............

Posted in

දුටු පැත්ත .....

පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ
සුපර් එයිට් වටයේ පළමු තරගය.
ශ්‍රී  ලංකාව සහ නවසීලන්තය අතර
 මේ තරගය පැවැත්වුණේ පල්ලේකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදියි.
19 හැවිරිදි අකිල ධනංජය
 මේ තරගයේ දී ශ්‍රී ලංකා වරම් දිනා ගත්තා.
තමන් යැවූ මංගල පන්දුවාරයේදී ම කඩුල්ලක් දවාගත් ඔහු
  සිය මංගල තරගය ස්වර්ණමය තරගයක් බවට පත්කර ගත්තා.
හැබැයි, අකිල යැවූ තුන්වන පන්දුවාරයේ දී
 අවාසනාවන්ත සිදුවීමකට මුහුණදෙන්නට
 ඔහුට සිදුවුණා.
තුන්වන පන්දුවාරයේ පළමු පන්දුවට
 රොබ් නිකොල් වේගවත් පහරක් එල්ල කළා.
පෙරළා පැමිණි උඩ පන්දුව රැක ගන්නට යාමේදී
 අතින් ගිලිහුණු පන්දුව අකිලගේ මුහුණේ වැදුණා.
කෙටි ප්‍රතිකාරයකින් පසු යළි පන්දුව අතට ගත් අකිල
 රට වෙනුවෙන් තමන්ගේ යුතුකම් කොටස
 යළිත් ඉටු කරන්නට පටන් ගත්තා.
ඒ, ඔබ දුටු පැත්ත....
නොදුටු පැත්ත...
අකිලගේ පන්දුව මුහුණේ වැදෙද්දි 
පන්දු යවන්නාගේ අන්තයේ සිටියේ
 නවසීලන්ත පිතිකරු බ්‍රෙන්ඩන් මැකලන්.
සැනෙන් ක්‍රියාත්මක වූ ඔහු අකිල දෙසට පැමිණ
 ‘‘Are You OK…"
‘‘ඔබ හොඳින්ද’’ කියා ඇසුවා.
නවසීලන්ත ක්‍රීඩකයින් කවදත්
 මහත්මා ගුණයෙන් යුක්තයි.
ඒ නිසා, මේ සිදුවීම සාමාන්‍ය සිදුවීමක් ලෙස ඔබ සිතයි.
හැබැයි, කිසිදු අපහසුවකින් තොරව
 නවසීලන්ත පිතිකරුවන්ට එම අවස්ථාවේදී 
ලකුණක් කරා දිව යන්නට ඉඩ තිබුණා.
බ්‍රෙන්ඩන් මැකලම් ලකුණක් කරා දිව ගියා නම්, 
මේ තරගය සුපිරි පන්දු වාරය කරා ඇදී නොයන්නටත් ඉඩ තිබුණා.
සමහර විට, නවසීලන්ත කණ්ඩායමට
 මේ තරගය ජය ගන්නටත්
 වැඩි ඉඩක් තියෙන්නටත් ඇති.
හැබැයි, මැකලම් ඒ කිසි දෙයක් ගැන නොසිතා 
නවක ක්‍රීඩක අකිල ධනංජය දෙස බැලුවේ
 ඔහු සතු වූ ක්‍රීඩාවේ ජීව ගුණය 
ලොවටම විදහා පාමින්...
ලක්ෂ සංඛ්‍යාත නවසීලන්ත ක්‍රීඩාලෝලීන් 
බ්‍රෙන්ඩන් මැකලම්ට
 දහස් වරක් දොස් කියන්න ඇති.
නවසීලන්තය මේ තරගය ජය ගත්තා නම්,
 ශ්‍රී ලංකාවේ ගමන් මගත්
 මේ වනවිට වෙනස් වෙලා තියෙන්නටත් ඇති.
මා උත්සාහ කරන්නේ 
ශ්‍රී ලංකා කණ්ඩායම මේ තරගයේදී ලැබූ ජයග්‍රහණය 
අවතක්සේරු කරන්න නෙවෙයි.
ඊට වඩා ඉස්මතු වුණු මැකලම්ගේ මහත්මා ගුණය පිළිබඳව
 ඔබ නොදුටු පැත්ත  පිළිබඳව ඔබට පෙන්වා දෙන්නට...

ක්‍රීඩාව කියන්නේ ජයග්‍රහණය පමණක් ම නෙවෙයි...



Sunday, April 29, 2012

1

හිතෙන හැටි .....

Posted in
තියාගන්න සිත්
දෙන් නැති.....
හොරා ගන්න
සිත් බෝ ඇති.....
තෙත කුඩයකි  

නුඹ........!




3

අනේ මැතිව්ස් .......!

Posted in
මහෙලයි සංගයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ
වගකීම් වලින් නිදහස් උනාට පස්සේ
අපේ ක්‍රිකට් බලදාරීන්ට සිද්ද උනා
අලුත් නායකයෙක් සහ උප නායකයෙක් හොයන්න.
ඩිල්ෂාන්ට නායක කම දීල
මැතිව්ස්ට උප නායක කම දෙන්න
අපේ ක්‍රිකට් බලධාරීන් තීරණය කරන්නේ ඒ අනුව.
පස්සේ දිල්ෂාන් හොඳ නැහැ කියල
නායක කම
ආයෙම මහේලට දෙනවා.
හැබැයි
මැතිව්ස් උප නායක කමින් ඉවත් කරන් නැහැ.
ඒකට හේතුව විදියට
ක්‍රිකට් ලොක්කෝ කිව්වේ
අනාගතේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම
මෙහෙය වීමේ වගකීම
මැතිව්ස්ට දෙන්න හිතාගෙන
එහෙම කලා කියල.
එදා ඉදන්
මැතිව්ස් ඒකට ලෑස්ති උනා කියමුකෝ.
හැබැයි මටනම් පව්ද්ගලිකව
ලොකු ප්‍රශ්නයක් තිබුන
ඇත්තටම
මැතිව්ස් ඒ වගේ
ලොකු වගකීමක් දරන්න තරම්
තැනක ඉන්නවද කියල.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ
නායකයා වෙන්න දක්ෂතාවය විතරක්
තිබුනම ඇති කියල හිතුවොත් එක ඇත්ත.
මොකද
මැතිව්ස් කියන්නේ අති දක්ෂයෙක්.
එකේ කතා දෙකක් නැහැ.
හැබැයි මට හැඟෙන විදියට
දක්ෂතාවය විතරක් මදි.
මොකද ඒ වෙනුවෙන් කැපවීම වගේම
තමන්ට පෙර රට කියනදෙත්
ඔලුවේ තියෙන්න ඕන.
හැබැයි
මැතිව්ස්ට මේ මොක තිබුනත්
ඒ දේ නැහැ කියන එක
මේ වෙනකොට එයාම ඔප්පු කරලා ඉවරයි.
අපි හැමෝම දන්නා දෙයක්නේ
දැන් කාලයක් තිස්සේ ඉඳල
මැතිව්ස්ගේ කකුලක අබාධයක් තියෙනවා කියන එක.
එක හොඳ වෙන්නැද්ද
නැත්නම් හොඳ කරගන්න
මැතිව්ස්ට ඕන නැද්ද කියන එක නම් ගැටළුවක්.
මැතිව්ස් කියන්නේ අපිට ඉන්න
අංක එකේ තුන් ඉරියව් ක්‍රීඩකයා.
එතකොට එයට සිද්ද වෙනවා
බැට් කරනවා වගේම
බෝල් කරන්නත්.
ඒක කණ්ඩායමේ සමබරතාවයටත් බලපානවා.
හැබැයි දැන් කලෙක ඉඳල
මැතිව්ස් රට වෙනුවෙන් ක්‍රීඩා කරද්දී
බෝල් කරන්නැහැ.
ඒ කකුලේ තියෙන අබාදය නිසා කියලයි
එයා කියන්නේ.
හැබැයි පුදුමේ කියන්නේ
දැන්
මැතිව්ස් ඒක පාරටම බෝල් කරනවා.
හැබැයි රට වෙනුවෙන් නෙමෙයි අයි.පී.එල්. වලට.
ඒ කියන්නේ තේරෙන බශාවෙන් කියනවා නම්
කෝටි ගණන් ඩොලර් වලට.
පහුගිය තරඟ වලදී අපි දැක්ක
මැතිව්ස් යකා වගේ බෝල් කරන හැටි
විකට් ගන්න හැටි
පියාබල ගිහිල්ල උඩ පන්දු රැක ගන්න හැටි.
මේ හැම දේටම එයට ගෙවනවා.
රුපියල් නෙමෙයි ඩොලර්.
අඬු කඩාගෙන ලංකාවට ගැහුවට
මල්ල පිරෙන්න ඩොලර් නැහැ කියල
මැතිව්ස් දන්නවා.
ඉතින් මොකටද නිකන් අත පය කඩාගෙන
ලංකාවට ක්‍රිකට් ගහන්නේ කියල
මැතිව්ස්ට හිතෙනවා ඇති.
පහුගිය ටිකේ
මැතිව්ස් කලේ
නැෂනල් ටීම් එකට
බැට් කරලා සපෝට් කරපු ඒක විතරයි.
 එකත් හරියට කලාද කියල
ක්‍රිකට් බලපු ඕනෑම කෙනෙක් දන්නවා.
ලකුණු ගහනවට වඩා
මැතිව්ස් කලේ ලෑල්ල දන ඒක.
මැතිව්ස් දැන් ක්‍රිකට් ගහන්නේ
එයා ගැන හිතල.
එයාගේ අනාගතේ ගැන හිතල.
රට ගැන හිතල නෙමෙයි.
එකනේ පන කඩාගෙන
අයි.පී.එල්. ගහන්නේ.
මැතිව්ස් දන්නවා
එයාට ක්‍රිකට් ගහන්න පුළුවන්
තව ටික කලයි කියල.
මොකද කකුලේ අබාදය ගැන
හරියටම එයා දන්නවා.
ඉතින් පුළුවන් කලේ
හොදට හම්බ කර ගන්නයි
එයා හදන්නේ.
එකේ වරදක් නැහැ.
මැතිව්ස්ගේ විදිය.
පේන විදියට
මැතිව්ස්ගේ අදහසක් නැතුව ඇති
අනාගතේ දවසක
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ
නායකයා වෙන්න.
මොකද එහෙම වෙලා
අබාදයත් එක්ක
ක්‍රිකට් නතර කරන්න එයාට උනොත්
නායක පට්ටමත් නැහැ.
සල්ලිත් නැහැ.
අයි.පී.එලුත් නැහැ.
මුකුත් නැහැ කියල
මැතිව්ස් දන්නවා .
ඉතින් පුළුවන් කාලේ
හොදට හම්බ කර ගන්න ඒක තමයි
හොඳ කියල
මැතිව්ස් හිතනවා ඇති.
වරද තියෙන්නේ
මැතිව්ස්ගේ නෙමෙය්.
මොලේ කළදක් වත් නැති
ඔල මොට්ටල බලධාරීන්ගේ.
දැන්ම තියා ක්‍රිකට් සුක්කානම දෙන්න කෙනෙක්
පුහුණු කරන් නැතුව
මැතිව්ස් ගැනම බලාගෙන ඉන්නවා.
මැතිව්ස් ඒක හොදට දැන ගෙනයි
මේ සෙල්ලම් දාන්නේ.
එයා දන්නවා
මොන දේ කලත්
එයාව කණ්ඩායමට ගන්නවා කියල.
හැබැයි
මැතිව්ස්
ඔයා ඒක දෙයක්
මතක තියා ගන්න ඕන.
ඔයා ගැන මුළු  ලෝකෙම අද දන්නේ
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට
සෙල්ලම් කරපු නිසා.
ඔයාට අද මේ තරම්
වටිනාකමක් තියෙන්නෙත් ඒ නිසා.
ඔයා බුද්ධාගමේ නොවන නිසා
දන්නේ නැතුව ඇති.
මුල අමතක කරන
යට
ලොකු ගමනක් නැහැ කියන එක.
මේකත් මතක තියා ගන්න.
කොන්දක් තියෙන නිලදාරියෙක් හරි
කොන්දක් තියෙන
තේරීම් කමිටු සාමාජිකයෙක් හරි
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අපු දවසට
අද ඔයා දාන සෙල්ලම්
එදාට දන්නා බැරි වේවි.
එදාට ඔයාට බන්කුවත්නැති වේවි.
එදාට දුක් වෙලත් වැඩක් නැති වේවි.